අවුරුද්ද & මාසය |
|
දින ගණන (# days) |
|
පුද්ගලයන්
(Crew) |
09 |
නවාතැන්
(Accommodation) |
ස්වදේශ කටයුතු සංචාරක බංගලාව - නුවරඑළිය |
ප්රවාහන
(Transport) |
|
|
|
කාලගුණය
(Weather) |
|
මාර්ගය (Route) |
නුවරඑළිය -> කඳපොල (B39) -> බෘක්සයිඩ් ->හයිෆොරෙස්ට් ->ගොනපිටිය ->මන්දාරම් නුවර ආපසු : මන්දාරම් නුවර -> පදියපැලැල්ල -> රිකිල්ලගස්කඩ -> හඟුරන්කෙත -> මහනුවර -> කොළඹ / වේයන්ගොඩ |
විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල් (Tips,
Notes and Special remarks) |
|
|
|
වනපෙත මැද හුදකලාවූ සුන්දර යුවතිය
එලමුල්ල විදුලි බලාගාරයට දිවෙන අතුරු පාරෙන් මන්දාරම් නුවර - පදියපැලැල්ල ප්රධාන මාර්ගයට පැමිණි ජීප් රථ යුගල පදියපැලැල්ල දෙසට ධාවනය ඇරඹුවා. ජීවිතේ පළමුවරට පයගහපු මේ සොඳුරු අඩවියේ සොබා සුන්දරත්වයෙන් මුසපත්ව හිටපු අපට නිමල් අය්යා මීට හෝරා කිහිපයකට කලින් තවත් ලස්සන දිය ඇල්ලක් ගැන කියපු මඟ විස්තරය මතක නැතිවුන එක මහ අරුමයක් උනේ නැහැ. මේ පළාත දිය ඇලි වලින් කොච්චර පොහොසත්ද කිව්වොත්; මඟ විස්තරය අහපු හැම වෙලාවේම අප යාමට බලාපොරොත්තු වන දිය ඇල්ල හරියටම තෝරලා දෙන්න ගම්වැසියන්ට සෑහෙන පරිශ්රමයක් දරන්න සිද්ද උනා.
මන්දාරම් නුවර
|
අමිලගේ ජීප් රථය
|
අතුරු පාරෙන් මන්දාරම් නුවර - පදියපැලැල්ල ප්රධාන මාර්ගයට
|
සුන්දර කඳු නිම්නය ඔස්සේ නාගයෙකු වගේ දඟර ගැහෙමින් දිවෙන තාරපාර දිගේ වංගු කිහිපයක් කෙලින් කරපු වාහන යුගල ගම්වැසියන්ගේ තොරතුරු ප්රකාරව පුංචි පාලමක් අසලින් නතර උනේ ඇතුලේ උන්න පිරිසට බිමට බහින්න ඉඟි කරමින්. වාහන වලින් බහින අයව පිළිගන්න හිටපු බඩගිනි කුඩලු හමුදාවෙහි බලාපොරොත්තු කඩකරමින් කට්ටිය හනි හනිකට තාර පාර මැද්දට පැනගත්තත් එතනින් එහාට තිබ්බ තෙත බරිත කැලේරොද සටනෙහි වාසිය කුඩල්ලන්ට අත්කර දුන්නා.
සුන්දර කඳු නිම්නය
|
ප්රධාන මාර්ගයේ ඉඳන් මීටර 75 ක් විතර දුරින් පිහිටලා තිබුනත් පාලම ලඟට දිය ඇල්ලක් ළඟ තියෙන බවට කිසිදු සලකුණක් තිබ්බේ නැහැ. ඒ නිසා තරමක තෙහෙට්ටුවෙන් හිටපු නඩේ අනෙක් අයව තවදුරටත් මහන්සි කරන්නේ නැතිව දර්ශනත් මමත් දිය කඳුර දිගේ ඉහලට ගිහින් විපරම් කරන්න තීරණය කලා. වඩා පටු තැනකින් ලෙස්සන සුළු
ගල් මතුපිටින් දිය කඳුර තරණයකළ දර්ශන ඊළඟ මොහොතේදී ඔබ අප අතුරින් පළමුවෙන්ම මේ සුන්දර ලලනාව සියසින් දුටු රසවතා බවට පත්වුණා.
දර්ශන
පළමුවෙන්ම මේ
සුන්දර ලලනාව සියසින් දුටු රසවතා බවට පත්වුණා
|
දර්ශනගේ කැඳවීමෙන් පසු පිරිසක් දිය කඳුර ඔස්සේත් තවත් පිරිසක් කුඩල්ලන් සමග සටන් කරමින් ගං ඉවුර ඔස්සේත් දිය ඇල්ල වෙත ළඟා උනා. මීටර 30 කට නොඅඩු උසින් යුතු මේ සුන්දර ලාලනිය; දුන්හිඳ විලසින් තනි පිම්මකින් පාදම පිහිටි තටාකය වෙත තමන්ගේ සුහුල් සළු උනාදමමින්; තමන් වෙත පැමිණෙන රසවතුන්ගේ මන දොළ සපුරනු ලැබුවා.
පිළිවෙල එහෙම උනත් පාලු වනපෙත මැද හුදකලාවූ සුන්දර යුවතියගේ රුවින් මන් මත්වී සිටි දර්ශන නැවත පියවි සිහියට පත්වන විට ලිස්සන සුළු ගල්කුලක් මතින් දියමතට පතිතව හිටියා.
මේ සුන්දර දිය ඇල්ල; දුන්හිඳ
විලසින් තමන් වෙත පැමිණෙන රසවතුන්ගේ මන
දොළ සපුරනු ලැබුවා
|
දොන් පතන් වෙච්ච දර්ශනගේ වාසනාවකට අතේ පයේ තුවාල කිසිවක් ඇතිවෙලා තිබ්බේ
නැහැ. ඒත් හිතේ ලොකු තුවාලයක් ඇතිවුණා . මොකද කැමරා දෙකක් එක්ක සෙලියුලර් දුරකතනයත් කාලෙකින් නාලා.
මෙහෙම අත්දැකීමකට මේ වගේ පරිසර සංචාරයේ යෙදෙන ඕනෑම කෙනෙකුට මුහුණ දෙන්න සිද්ද වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම අවස්ථාවකදී වහා ගතයුතු පියවර ගැන, ප්‍රථමාධාර ගැන දැනගෙන ඉන්න ඕන.
ජලයට වැටුන ඉලක්ට්‍රොනික උපකරණය වහාම ක්‍රියා
විරහිත කරලා බැටරිය සහ මෙමරි කාඩ් ගලවා ඉවත් කිරීමත් පවනේ වියලෙන්නට
හැරීමත් ක්ෂේත්‍රයේදී කරන්න පුලුවන් දේවල්. බාබර් සාප්පුවකින්
Hair Dryer එකක් හොයාගන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. මීළඟට සුදුසු සේවා ආයතනයකට යවා අදාල උපකරණය සේවා කරගැනීම තමයි වඩාත්ම
සුදුසු. තරමක අවදානමක් ගන්න කැමති අයට එසේ සේවා කරගන්නේ නැතිව Desiccator එකක් පාවිච්චි කරලා උපකරණය වියලා ගන්නත් පුළුවන්. සිදුරු කිහිපයක් විදගත්ත ලොකු මාරි
පෙට්ටියකට 60W විතර බලුබ් එකක් දමලා රැයක් පුරා
තියන එකත් විකල්ප ක්රමයක්. කොහොම උනත් මේ කටයුතු සියල්ල අවසන් වෙන තුරු උපකරණය ක්‍රියාත්මක නොකර ඉන්න එක තමයි ඉතාම වැදගත්
කාරණය. මොකද උපකරණය වැඩකරනවාද කියල තමන් විසින්ම පරික්ෂා කරලා බැලීමේ මෝඩ සිතුවිල්ල
දමනය කරගැනීමේ හැකියාව මත ඔබේ උපකරණයේ ආයුෂ රඳා පවතින බව
සිහි තබාගැනීම වැදගත්.
පාලු වනපෙත මැද හුදකලාවූ සුන්දර යුවතිය
|
No comments:
Post a Comment