අවුරුද්ද & මාසය |
|
දින ගණන (# days) |
|
පුද්ගලයන්
(Crew) |
05 |
නවාතැන්
(Accommodation) |
|
ප්රවාහන
(Transport) |
|
|
|
කාලගුණය
(Weather) |
|
මාර්ගය (Route) |
|
විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල් (Tips,
Notes and Special remarks) |
|
|
|
මිහිදුම්
සළුමැද තනිවූ සුන්දර අශෝක වනය
වනගත මාර්ගයක්
ඹස්සේ පස්සර දෙසින් නමුණුකුල
කදුවැටිය තරණය කරන්න ගිහින් අපට වෙච්ච ඇබැද්දිය
ඹයාලට මතක ඇතිනේ මතක නැතිනම් ඒ විස්තරය
කියවලා ඉන්නතකෝ කුළු නවයක් මැද අතරමංව පස්සරට ඉර උදා වෙන්නටත් කලියෙන් 1:50,000 මීටර් සිතියම
මතින් එදාදවස ආරම්භ කලේ ඒ තුලින් නමුනුකුල කදුවැටිය
ආශ්‍රිත වතුකර මාර්ග පද්ධතිය සහ
කලින්දවසේ අපගේ ගමන් මඟ පිලිඹදව
පැහැදිලි අවබෝධයක් ඇතිකරගන්නා බලාපොරොත්තුව ඇතිවයි. සිතියමින්
වේවැස්ස
ඉහල කොට්ටාශය වෙත ප්‍රවේශ
වීම සදහා 5 කණුවේ සිට
පැවති කෙටි ජිප්රථ මාර්ගය ඉතා පැහැදිලිව හදුනාගත හැකිවූ අතරම, කලින් දින
චාරිකාවෙහිදී
සිදුවූයේ කුමක්දැයි සැකහැර දැනගැනීමේ දැඩි අවශ්‍යතාවයෙන් අප හැමෝම
පෙලුනාය කිව්වොත් තමයි වඩාත්ම නිවැරදි. ඒ නිසාම 5 කණුවේ සිට ජිප්රථයෙන්
වතුකර මාර්ගය ඔස්සේ වේවැස්ස
ඉහල කොට්ටාශය වෙත
පැමිණ, එතැන් සිට නමුණුකුල කන්ද වටා ගොස් පහලට දිවෙන මාර්ගයක් ඔස්සේ ග්ලෙන් ඇල්පින් කොට්ඨාශය වෙත
ගමන් කර; කලින් දින අප
චාරිකාව අවසන්කල දෙයනගල්ල කොට්ඨාශයට
ලගාවීමට ඒ අනුව ගමන් සැලසුම පිලියෙල කෙරුණා. එසේ නොවූයේ නම් සිතියමට අනුව; බදුල්ල
පස්සර මාර්ගයෙහි 3 කණුවේ
සිට සාපේක්ෂව කෙටිදුරකින් ග්ලෙන් ඇල්පින් කොට්ඨාශය
වෙත පහසුවෙන් ප්‍රවේශවීමට අපට
හැකියාව තිබුණා.
බදුල්ල පස්සර මාර්ගයෙහි 5 කණුවේ සිට ගමන් ඇරඹූ අපට; කලින් දින චාරිකාවෙහිදී වේවැස්ස ඉහල කොට්ටාශයේදී හමුවු හින්දු පුජා ස්ථානයක් අසල වූ තුන් මං සන්ධිය වෙත ලගාවිමට ගතවූයේ විනාඩි 15 කටත් වඩා අඩු කාලයක්. පා ගමනින්නම් එය මිනිත්තු 45 කට වැඩි නොවන්නක්. නමුදු කලින් දින දළු ට්රැක්ටරයෙන් කිලෝමීටරයකට අසන්න දුරක් ගමන් කිරීමෙන් අනතුරුවද මේ තුන් මං සන්ධිය වෙත ලගාවිමට අප පැය 3 කට ආසන්න කාලයක් වැයකර තිබුණා
මේ අනුව අපගේ කලින් දින මගපෙන්වන්නාට සැගවුණු අරමුණක් තිබුබව
හොදින් පැහැදිලි වුනා. එනම් අපව හැකිතාක් අසීරු මාර්ගයක රැගෙන ගොස්, හැකිතාක් ඉක්මනින් අපගේ ශක්තිය හීන කොට,
හැකිතාක් වේලාසනින් ගමන අතහැර දැමීමට අප පොළඹවා ගැනීමයි. (අපගේ
තීරණයක් මත ගමන අතහැර දැමීම සිදුවීනම් එය ඔහුගේ ගාස්තුවට බල නොපාන බව ඔහු හොදින්ම
දැන සිටියා.) මේ විස්තර සියල්ල මා සදහන් කරන්නේ මෙම චාරිකා සටහන පරිශීලණය කරන
ඔබටත් එය යම්දිනක වැදගත් වියහැකි බැවිණි.එනම් එවන් එක මොට්ටයකුට සමුහයකගේම පරිශ්‍රමයක් අපතේ හළ හැකි බවයි.
කොට්ටෝරුවා කෙසෙල් ගසට කෙටුවා වාගේ අපගේ
මගපෙන්වන්නාටද කලින් දින වැරදිනි. ඹහුට
සිය පටු අරමුණ සඵලකරගත නොහැකි වූයේ අපෙන් කිසිවෙක් පසුබසින්නකු නොවූනිසාමය. හින්දු පුජා ස්ථානය අසල වූ තුන් මං සන්ධිය
සිට නමුණුකුල කන්ද වටා පහලට දිවෙන මාර්ගයක් ඹස්සේ ග්ලෙන් ඇල්පින්
තේ කම්හල තෙක් පැමිණි අප එතැන් සිට කදුවැටියේ බටහිර බෑවුම ඹස්සේ ස්ප්‍රින්වැලි දෙසට කිපලෝමීටර 4 ක් පමණ තවදුරටත් පහලබැස අනතුරුව හමුවූ තුන් මං සන්ධියකදී හැරී විල්ලුද
වන් සරුසාර තේ වගාවන් මැදින් දිවුන පටු මාර්ගයෙහිවූ මහා නැග්මක අවසානයේදී දෙයනගල්ල කොට්ඨාශය වෙත ප්‍රවේශවන ලදී.
කලින් දින අප චාරිකාව අවසන්කල දෙයනගල්ල කොට්ඨාශයෙහි පිහිටි ද්‍රවිඩ ගම්මානයෙහි
වැසියන් දෙපලක් අපට මගපෙන්වන්නට ස්වේඡාවෙන් ඉදිරිපත් වුනා ( අය්යෝ.... ආයෙත් වලේ
වැටෙන්නයි යන්නේ....!) මේ සංචාරය හැකි ඉක්මනින් අවසන් කොට එදිනම ආපසු කොළඹ යාමේ
අවශ්‍යතාවය අප හැමෝටම තිබුන නිසාම අප ඔවුන්ගේ මැදිහත්වීම භාරගනු ලැබූවා. කොහොම
හරි මිනිත්තු 20 ක පමණ පා ගමනකින් අප කලින් දින චාරිකාව අවසන්කල වනගහනය අද්දරට
ලගාවෙන්න අපට හැකියාව ලැබුනා.
වනගහනය තුල හමුවූ පැහැදිලි අඩිපාරක මිනිත්තු
15 ක පමණ ගමනක අවසානයේදී තරමක විවෘත ප්‍රදේශයකට අප ප්‍රවේශය ලැබූ අතර එයට අඩි
සියයක පමණ ඉහලින් තවත් කදුමුදුනක් හදුනාගත හැකි වූවා. කුළු හරකුන් ගැවසිය හැකි බැවින්
කදුමුදුන වෙත යාම මගපෙන්වන්නන් විසින් අනුමත නොකලද අප කිහිපදෙනෙකු ඒ මතට
ගොඩවදිනු ලැබුවා.
වනගත අඩිපාරෙහිවූ කෙටි නැගීම් බැසීම්
කිහිපයකට පස්සේ තරමක විශාල නැග්මක් හමුවූවා. එයින් අනතුරුව හමුවූ Y හංදියෙන් අප
තෝරාගත්තේ දැඩි බෑවුම් සහිතමුත් වඩා කෙටිවූ වම්පස මාර්ගයයි. (මෙම මාර්ග දෙකම
කදුමුදුන කරා දිවෙයි ) එතැන් පටන් ඉහල නගින පියවරක් පාසාම පරිසරය
සීඝ්‍ර ලෙස වෙනස්වන්නට වුනා. පිග්මි ගස්
මත රැදුන මහ රාවනා රැවුල්, මීවන,
අපිශාක, ලයිකන වර්ග ආදියෙන් අප මේ පැමිණ ඇත්තේ කදුකර තෙත් වනාන්තරයක් වෙත බවට
ඉගිකලා.
කෙනෙකුට එකවර විස්වාස කිරීම අපහසු වුවද ලංකාවේ උසින් 12 වන ස්ථානය හිමිකරගන්නා
නමුනුකුල උසම කදුමුදුන, අක්කර කිහිපයක වපසරියක් හිමිකරගන්නා තැනිතලාවක්. එහි පස
තිරිවාණ ජීරණයෙන් තැනි, සුදුපැහැ පසකින් යුක්ත වන අතර සුළගට ඹරොත්තු දෙනලෙසින්
කුරුබවට පත් මහ රත්මල් සහ අශෝක ගස් වලින් පිරී පවතිනවා. අත්හැර දමන ලද කුඩා ලිදක් සහ පූජ්‍ය ස්ථානයක අවශේෂයන්ද දැකගත හැකිවූ අතර මෙය සංචාරකයන් අතර ජනප්‍රිය
කදවුරු බිමක් බැවින් එතැනට නොගැලපෙන සමහර දෑද තිබූබව කණගාටුවෙන් වුව සදහන් කල
යුතුමයි.
වසරෙහි සෑමදිනම ඝන
මිහිදුමින් වැසී පවතින මෙම සුන්දර කදුමුදුණ,
බැලුම් ස්ථාන රැසකින් සමන්විත වේ. නැගෙනහිරින් පස්සර-මඩොල්සිම සිට අම්පාර,
මඩකලපුව, මොනරාගල සහ බටහිරින් ස්ප්‍රිංවැලි ප්‍රදේශයෙහි මේමලර් වත්ත දක්වා පැතිරුණ දර්ශන පථයක් එය සතුවෙයි.
සොබාදහම් මාතාව අපවෙත සිය උපරිම කරුණාව දක්වා තිබූ නිසාවෙන්දෝ මිහිදුම් බිදකුදු
රහිතව සොබා අසිරිය විදගැනීමේ අවස්ථාව අපට ලැබිණි. එය කලින් දින අප විදි ගැහැට
වෙනුවෙන් ලැබූ තිලිණයක් ලෙසයි අපට හැගුනේ. මොකද මේ කන්ද තරණයකල බොහෝදෙනකු
කදුමුදුණෙහිදී මිහිදුම හැර කිසිවක් අත්විදලා නැතිබවයි කියැවෙන්නේ. උතුරු දෙසට වන්නට පැවති
බැලුම් ස්ථානය කදුමුදුණෙහි සිට මීටර 200 ක පමණ දුරකින් ස්ථානගතව තිබූ අතර ද්‍රවිඩ
ගම්මානයෙහි වැසියන්ගේ වැදුම් ලබන ශුද්ධ ස්ථානයක්ද ඒ ආසන්නව පිහිටා තිබිණි. එහිදී නුවර -
මහියන්ගනය ප්‍රදේශය දුරින් දිස්වන විට, ද්‍රවිඩ ගම්මානය සහ එහි නවතාතබන ලද අපගේ
ජිප්රථය නුදුරින් නිරීක්ෂණය කලහැකිවිය.
දිගු මාර්ගය ඹස්සේ Y හංදියට
පැමිණ කඩිනමින් පහලබැසි අප ද්‍රවිඩ ගම්මානයෙහි වැසියන්ගෙන් සමුගත්තේ ස්ප්‍රිංවැලි වෙත යාමේ අරමුණ සහිතවයි. දිවා ආහාරය
ලබා නොසිටි අප තේ කඩයකට ගොඩවැදී කුස මදක් සනසාගනිමින් මේමලර් වතුයායේ පිහිටි
බ්ලැක්පූල් (කඵවල) නමැති ස්ථානය සොයා යාත්‍රා කලා. අතරමගදී හමුවූ හින්දු කෝවිලක්
අද්දර ජිප්රථය නතරකල අප එතැන්සිට වූ අඩිපාර ඹස්සේ ඉදිරියට
ඇදුනා. මීටර 300 ක පමණ පාගමනකින් පසු ස්ප්‍රිංවැලිහි පිහිටි
සුන්දරම ස්ථානය ලෙස විරුදාවලි ලද මෙම ස්වාභාවික තටාකය වෙත අප ප්‍රවේශය ලැබුවා.
තටාකයෙහි ඈත කෙලවරින් කුඩා දිය ඇල්ලක් කඩාහැලුන අතර කඵපැහැ ජලය එහි ගැඹුර ගැන
බියකරු හැගුම් ඇතිකලා. ඒ කොහොම උනත් වෙහෙසවී සිටි අප නොගැඹුරු වැලි පතුලක්
ඇතැයි පෙනුන මෑත කෙලවරින් සීතල ජලයට
බහිනඑක වලකන්නට නඩේගුරාටවත් හැකිවුනේනැහැ.
෴
|
No comments:
Post a Comment